Monday, July 25, 2016

මාගන්දියා සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය


අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ  කම්මාස කියන කුරු රට වැසියන්ගේ නියම ගමේ දී  මෙම දේශනාව සිදු  කරන ලදී. මෙම කම්මාස කියන නියම ගමේදී සතර සතිපට්ටාන සුත්‍රය ද  දේශනා කල සේක. මාගන්දිය කියන අන්‍යාගමිකයා හට දේශනා කරන ලදී.  ආයතන හය පිළිබද අවබෝධ කර දෙමින් මෙම දේශනාව කරන ලදී. ඇස,කන, දිව , නාසය, ශරීරය, මනස  ඇති අනිත්‍ය තාවය මානව පැහැදිලි කරමින් මාගන්දිය හට නිවැරදි මාර්ගය පෙන්නා දෙන ලදී. 


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Wednesday, June 29, 2016

වත්තුපාම සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

මෙම සුත්‍රය කිලිටි වූ වස්ත්‍රයක් උපමා කරගෙන  සිතෙහි ඇතිවන කිලිටි බව ගැන වදාළ දේශනයකි. පිරිසිදු රෙදි සුදු කැබැල්ලකට සායම් පෙගවුවොත්  එම රෙදි කැබැල්ලට සායම් හොදින් අල්ලනවා. අන්න ඒ වගේ තමයි පිරිසිදු සිතකට ධර්මය ඇතුල් වුනාම එය හොදින් සිතට කා වදිනවා. අපිරිසිදු රෙදි කැබැල්ලකට සායම් පෙගවුවට එයට හරියට සායම් උරා ගන්නේ නැත. අන්න ඒ වගේ තමයි කියනව අපිරිසිදු සිතට කොච්චර ධර්මය ඇසුවත් හිතට කා වදින්නේ නේ නැත.
                               බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප අපිරිසිදු සිතින් වාසය කල හොත් මරණින් මතු දුගතියේ යන්න කැමති වෙන්න ඕන. අප පිරිසිදු සිතින් වාසය කළහොත් මරණින් මතු සුගතියේ යන්න කැමති වෙන්න ඕන.
                            මෙසේ සිතෙහි ඇතිවන විවිධාකාර ක්ලේශ ස්භාවයන් පිළිබද පැහැදිලි කර දෙයි.
මෙහි ඇති උදාහරණ,

  1. වග්ගමුදා ගංතෙර සිට පැමිණි වන්තපුත් උපසේන භික්ෂුන් වහන්සේගේ කතාව 
  2. පෙස්ස කියන ඇතුන් පුහුණු කරන්නාගේ කතාව 
  3. කෝකාලික භික්ෂුවගේ කතාව 


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


වේසාලික උග්ග සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් උදෙසා මෙසේ කියන ලදී "වේසලික උග්ග සිටුතුමා ලග ආශ්චර්ය අද්භූත කරුණු 8 ක් තිබෙනවා." ඉන් පසුව මෙම ආශ්චර්ය අද්භූත කරුණු මොනවා දැයි දැනගැනීමට පින්වත් භික්ෂුවක් උග්ග ගෘහපති හමුවට ගොස් විමසයි. මෙම සංවාදයේදී උග්ග සිටුතුමා බුදුරජාණන් වහ්සේ පැවසූ ආශ්චර්ය අද්භූත කරුණු 8 නොදන්නා බවත් මෙම කරුණු 8 මා  තුල ඇති බව පවසන ලදී. 
මෙම පින්වත් භික්ෂුව නැවත බුදුරජාණන් වහන්සේ හමුවට විත් උග්ග සිටුතුමා පැවසූ කරුණු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගෙනහැර දක්වයි.
     එම කරුණු,
  1. ස්වාමිනි ,බුදුරජාණන් වහන්සේ දුර දීම දැකීමත් සමගම සිත පහන් වෙලා ගියා ගියාමයි වෙනස් වුනේ නැහැ. මෙය මගේ පලවෙනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
  2. පහන් සිතින් බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කලා. එහෙම ආශ්‍රය කරනකොට උන්වහන්සේ අනුපිලිවෙල කතාව මට පැවසුවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානවං අදීනවං, ඕකාරං සංකිලේශං, නෙඛ්ඛම්මේ අනිශංසං. ඒ වගේම සමොකංසික ධර්ම දේශනාව වදාළා. ඉන්පසුව පංච නීවර්න යටපත් වුණා. මෙය ආර්ය සත්‍යක් මයි කියා වැටහුනා. බ්‍රහ්මචාරී සීලය අනුමෝදන් වුණා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝ රත්නය සරණ ගියා.මෙය මගේ දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
  3. ඉන්පසු මා කෙලින්ම නිවසට ගියා නිවසේ මා විවාහ කරගත් තරුණ කාන්තාවන් හතර දෙනෙක් සිටියා. මම ඒ අයට කතා කරලා කිව්වා " නැගෙණිවරුනි මම අද පටන් බ්‍රහ්ම චාරි වූ පංච  සීලය සමාදන් වුනා. පිනට කැමති කෙනෙක් මාත් සමග සහෝදරියන් විදයට ඉන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ගෙදර යන්න කැමති මන් ගෙදර ගිහින් ඇරලවන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් මට අසවලා විවාහ කරගන්න අවශ්‍ය යි කියා එහෙම කරල දෙන්නත් පුළුවන් යයි පැවසුහ. ඉන්පසු වැඩිමහලු බිරිද කිව්වා අසවල් එක්කෙනා සරණ පවා දෙන්න කියා. ඉන්පසු කරු කතා කර ඒ කෙනාට කතා කර අතපැන් වක්කර සරණ පවා දුන්නා. ඒ වගේ අවස්ථාවක වුවද මගේ සිතේ කිසිම වෙනසක් වුනේ නැහැ ස්වාමිනි .මෙය මගේ තෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
  4. ස්වාමිනි, මට විශාල සම්පත් තියෙනවා දේපල තියෙනවා මන් ඒවා සිල්වතුන්ට ගුණවතුන්ට පුජා කරනවා. නමුත් මම ඒවා පුජා කරන්නේ සිමා කරගෙන නෙවෙයි.මෙය මගේ හතර වෙනි  ආශ්චර්ය අද්භූත කාරණාවයි.
  5. ස්වාමිනි මන් භික්ෂුන් වහන්සේ ලා ඇසුරු කරනවා මනා කොට. නොමනා කොට නෙවෙයි.මෙය මගේ පස්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
  6. ස්වාමිනි ඒ භික්ෂුන් වහන්සේ ලා මට ධර්මය දේශනා කරනවා මන් ඒ ධර්මය මනා කොට අසනවා නොමනා කොට නෙවෙයි. හැබැයි ඒ ස්වාමින් වහන්සේලා මට ධර්මය දේශනා කරන්නේ නැත්නම් මන් ඒ ස්වාමින් වහන්සේලා ට ධර්මය දේශනා කරනවා.මෙය මගේ හයවෙනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
  7. ස්වාමිනි දෙවිවරු ඇවිත් කියනවා මට බුදුරජාණන් වහන්සේ මනා කොට දේශනා කරන ලද ධර්මයක් නේද මේ, මම කියනවා පින්වත් දේවිය ඔහේ ඕක මට කිව්වත් එකයි නැතත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනා කොට දේශනා කරන ලද දෙයක්මයි මේ ධර්මය. මම මෙහෙම දෙවියන් සමග අල්ලාප සල්ලාපයෙහි යෙද්ද්දීත් මට කිසිම ආඩම්බර කමක් ඇති වෙන්නේ නැහැ දැන් මාත් දෙවියන් එක්ක කතා කරනවා කියල.මෙය මගේ හත්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
  8. ස්වාමිනි බුදුරජාණන් වහන්සේ ඕරම්භාගිය සංයෝජන 5 ක් ගැන දේශනා කළා ඒ පහෙන් එකක් වත් මා තුල තියෙන බවක් මට පෙන්නේ නැහැ.මෙය මගේ අටවෙනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මෙන්න මේ කරුණු ටික උග්ග සිටුතුමා දේශනා කරන ලදී.


සාදු සාදු සාදු...!! පින්වත් භික්ෂුව ඉතා හොඳයි ඔන්න ඔය කරුණු 8 තමයි උග්ග සිටුතුමාට තියෙනවා කියා මා කියන්නේ. බුදුරජන් වහන්සේ මෙසේ අනුමෝදන් කරන ලදී,  



පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Tuesday, June 28, 2016

වේලාම සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

මෙම සුත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් අනේපිඩු සිටුතුමා  හට දේශනා කරන ලදී. අනේපිඩු
සිටුතුමා දානයෙහි මනාකොට හැසිරුණ සිටුවරයෙකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන සිටුතුමා
තම ධනය විශාල ප්‍රමාණයක් වියදම් කර ජේතවනාරාමය පිළිසකර කර සඟ සතු කොට  පුජා කරන ලදී.
එසේම සංඝයා උදෙසා  තම නිවස තුල දිනපතා දං වැටක්  පවත්වාගෙන යන ලදී.
           අප මහා බුදුරජාණන් වහන්සේ එක් ආත්මයක වේලාම බ්‍රාහ්මණ ය  වී අසිමිත ලෙස දං දුන් අයුරු
මෙම දේශනාව තුල  විස්තර වේ. අනේපිඩු සිටුතුමා හට දානයෙහි අනිශංශ මනා කොට දේශනා කරයි.



පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Thursday, June 16, 2016

ව්‍යග්ගපජ්ජ සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

 අප මහා බුදුරජාණන් වහන්සේ ලගට දීඝජානු නම් තරුණයෙක් පැමිණ වැදගත් ප්‍රශ්නයක් අසන ලදී.

  1. ස්වාමිනි, අපි ගිහිගෙදර ගත කරන අය, කසීසළු අදින අය,රන් රිදී මුතු මැණික් පළදින අය, සල්ලි හම්බ කරන අය ඉතින් භාග්‍යවතුන් වහන්ස අපේ ගිහි ජීවිතය සාර්ථක කරගැනීමට ඒ වගේම අපි මැරුණම පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට ධර්මය දේශනා කරන සේක්වා.
භාග්‍යවතුන් වහන්සේ විසින් ගිහි ජීවිතය සාර්ථක කරගැනීමට  කරුණු 4ක් දේශනා කරන ලදී.


  1. උඨ්ඨාන සම්පදා- දක්ෂ වීම, කළමනකරණය, පර්යේෂණ කිරීම, සංවිධානය, අලංකරණය  
  2. ආරක්ඛ සම්පදා - තම ධනය , දේපල  ආරක්ෂා කරගැනීම
  3. කල්්‍යාණ මිත්‍ර ආශ්‍රය - ශ්‍රද්ධා , සීල , ත්‍යාග , ප්‍රාඥ්ඥා
  4. සමජිවී කතා  - අදායමට සරිලන විදියට වියදම් කිරීම.


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
https://www.youtube.com/watch?v=8p6MfSF--pM&index=2&list=PLqfUU01EJk5t3IxMVAdq6SBj77V7ruZNK

වේරන්ජක සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

 අප මහා බුදුරජාණන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී වේරන්ජ නම් ගම්මානයේ බ්‍රාහ්මණ ගෘහපතිවරු සැවත් නුවරට කිසිම්යම් කාර්‍යයක් උදෙසා පැමිණියහ. සැවත් නුවරට පැමිණි ගෘහපතිවරුන්ට භවත් ගෞතමයන්ගේ ගුණ ගැන අසන්නට ලැබිණ. ඉන්පසු  උන්වහන්සේ බැහැදකින්න
ගිය ගෘහපතිවරු ප්‍රශ්න දෙකක් ඇසීය.
  1.  සමහරු මැරිලා නිරයේ උපදිනවා. එකට හේතුව කුමක් ද ? 
  2.  සමහරු මැරිලා ගිහින් දෙවියන් අතර උපදිනවා. එකට හේතුව කුමක් ද ?    භවත් ගෞතමයනි,
භවත් ගෞතමයන් කෙටියෙන් මෙසේ දේශනා කල සේක ,
  1. ඇතැම් අය නිරයේ ඉපදීමට හේතුව අධම්ම චරියා, විෂම චරියා වේ
  2. ඇතැම් අය දෙවියන් අතර ඉපදීමට හේතුව  ධම්ම  චරියා , සම චරියා  වේ .
ඉන්පසු ගෘහපතිවරුන්ට මේ කෙටියෙන් තේරුම් ගැනීමට අපහසු නිසා මෙය පැහැදිලි කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

වස්සකාර සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

අප මහා බුදුරජාණන් වහන්සේ රජගහ නුවර  වේළුවනාරාමයේ කලන්දක නිවපයේ (ලේනුන්ගේ අභය භූමියක්) වැඩ සිටියදී වස්සකාර බ්‍රාහ්මණයා  උන්වහන්සේ මුණගැහෙන්න පැමිණි සේක. වස්සකාර නම් මගධයේ මහා ඇමති ය. වස්සකාර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගෙන් මහා පුරැෂයා හෙවත් මහා ප්‍රාඥ්ඥයා සමන්විත කරුණු හතරක් ගැන වදාරයි. මෙම කරුණු පැහැදිලි කරගන්නා ආකාරය මෙම   
දේශනාව තුලින් විදහා දැක්වෙයි.

            ද්‍රෝන බමුණාගේ කතාවද අන්තර් ගත වේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ