Tuesday, June 14, 2016

යවකලාපි සුත්‍රය

දේශනාවේ අන්තර්ගතය

බුදුරජාණන් වහන්සේ නමක් මෙලොවට පහල වෙන්නේ සැගවී ගියා වූ චතුරාර්ය සත්‍ය මෙලොවට දේශනා කිරීමටයි.අපට මාර්ගය පෙන්වීමට අප මහා භාග්‍යවතුන් වහන්සේ මහත් වෙහෙසක් ගත්තේ උන් වහන්සේගේ මහා කරුණාව නිසාවෙනි. දෙව් මිනිස් ඹඹුන් සහිත ලෝකයේ සත්වයන් දුකින් ගලවා ගැනීමට උන් වහන්සේ වින්ද දුක අපමණය.
                     මෙම සුත්‍ර දේශනාවේ  අන්තර්ගතය වන්නේ ආයතන හයේ අනිත්‍ය තාවය පැහැදිලිකිරිම හා පටිච්චසමුප්පාදය ගැන ගැඹුරින් විස්තර කිරීම වේ.
                      යව කරල් මිටියක් උපමා කරගෙන ඇස, කන ,නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හයේ ඇති අනිත්‍ය භාවය දේශනා කරයි.
                      අපි ඉපදී ඉපදී යන මේ දීර්ග සංසර ගමන චිත්ත පරම්පරවක් නිසා හටගත් දෙයක් නෙවෙයි. පංච උපදනස්කන්ද්යක් නිසාවෙනි. මෙය පටිච්චසමුප්පාද ක්‍රියාවලියකි.

  1. අප ඉපදීමට හේතුව වුනේ ඇයි භවයක් සකස් වීම නිසා
  2. භවයක් සකස් වීමට හේතු වුනේ ඇයි උපාදානයක් සකස් වීම නිසා
  3. උපාදානයක් සකස් වීමට හේතු වුනේ ඇයි තණ්හාවක් සකස් වීම නිසා
  4. තණ්හාවක් සකස් වීමට හේතු වුනේ ඇයි විදීමක් සකස් වීම නිසා
  5. විදීමක් සකස් වීමට හේතු වුනේ ඇයි ස්පර්ශයන් සකස් වීම නිසා
  6. ස්පර්ශයන් සකස් වීමට හේතු වුනේ ඇයි ආයතන හයක් සකස් වීම නිසා
  7. ආයතන හයක් සකස්  වීමට හේතු වුනේ ඇයි නාමරූප සකස් වීම නිසා
  8. නාමරූප සකස් වීමට හේතු වුනේ ඇයි විඤ්ඤාණයක් සකස් වීම නිසා
  9. විඤ්ඤාණයක් සකස් වීමට හේතු වුනේ ඇයි සංස්කාර සකස් වීම නිසා
  10. සංස්කාර සකස් වීමට හේතු වුනේ ඇයි අවිද්‍යාව සකස් වීම නිසා වෙනි. 
                                                        අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍ය අවබෝධ නැති කම නිසා වෙනි.


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
https://www.youtube.com/watch?v=nS5lurmuqNQ&index=1&list=PLqfUU01EJk5t3IxMVAdq6SBj77V7ruZNK

No comments:

Post a Comment